ශානි කොටු කරන්න ගිය දේශපාලකයන්ට රිටර්න් එක දුන් හැටි

පාස්කු දින ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිළිබඳව පරීක්ෂණ නොමග යැවීම සඳහා විවිධ දේශපාලඥයන් සැලසුම් සහගතව ක්‍රියා කළ ආකාරය මෙන් ම, විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට විරුද්ධව අභූත චෝදනා එල්ල කළ ආකාරය හෙළි වී තිබේ.

මේ වනවිට, පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබෙන පසුබිමක, පසුගිය ආණ්ඩු එම විමර්ශන කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. එම ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු කමිටුව හමුවේ ශානි අබේසේකර කරුණු දැක්වූ ආකාරය පහතින් එකතු කර තිබෙන වීඩියෝවෙන් හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්