ලොක්කෙක් රට පැනීමෙන් වැළැක්වීමට අධිකරණයට පෙත්සමක්

ලොක්කෙක් රට පැනීමෙන් වැළැක්වීමට අධිකරණයට පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නියෝගයක් නොතකා හරිමින් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා අලුතින් මත් පැන් බලපත්‍ර නිකුත් කර ඇති බවත්, එම තත්වය හමුවේ ඔහු රටින් බැහැරවීම වළක්වාලන ලෙසත් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෝසමක් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (07) ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු වන ඒ. එම්. පී. අරම්පත්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කේ. ධර්මසීලන් සහ සී. ජේ. ඒ. වීරක්කොඩි යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටී. සුරාබදු පනතට පටහැනිව සුපිරි වෙළඳසල්වලට බලපත්‍ර නිකුත් කිරීමත්, දේශපාලන හිතවතුන් හට අවිධිමත් ලෙස බලපත්‍ර නිකුත් කිරීමත් සම්බන්ධයෙන් මෙයට පෙර මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබිණි. එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් මගින් එවැනි බලපත්‍ර ලබාදීම නතර කර තිබිණි.

එම නියෝගය උල්ලංඝණය කරමින් එම නිලධාරීන් ක්‍රියාකර ඇති බවට චෝදනා කර ඇති අතර එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇතැයි පෙත්සම්කාර ශවීන්ද ප්‍රනාන්දු මෝසමක් මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්