පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස පිලට එක් වූ ගෙම්බන් පැනීමේ සංස්කෘතිය නියෝජනය කළ පිරිස සම්බන්ධයෙන් ජනතාවගේ පවතින විරෝධය පරාජයට හේතු වූයේ දැයි නැගුණු ප්‍රශ්නයක් හමුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි අසීරුතාවයකට පත් විය.
ඊයේ (07) රාත්‍රියේ විකාශනය වු දෙරණ 360 වැඩ සටහනේදි එලෙසින් අසීරුතාවයකට පත් වෙනු නිරීක්ෂණය විය. එම වැඩ සටහන මෙහෙයවූ කළිඳු කරුණාරත්න කිහිප වරක් ම ප්‍රශ්න කර සිටියේ පිල් මාරු කිරීමේ සංස්කෘතිය ඉදිරියට ගෙන යාම සජිත් ප්‍රේමදාසගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ ද යන්න ය.
එහිදී හර්ෂ ද සිල්වාගේ පිළිතුර වූයේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තු වෙනස් කර ඇති බව ය. නමුත් නැවත නැවතත් ප්‍රශ්න කිරීම හමුවේ හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ “ඒක යම් කිසි විදිහකට පිළිගැනීම නිසා තමයි ලැයිස්තු වෙනස් වෙන්නේ. සමහරුන්ට නාම යෝජනා ලැබෙන්නේ නෑ.“ යනුවෙන් පැවසීය.










