අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
එම හමුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳ සංගමයේ සභාපති ජී. ඉලමනාදන්, ලේකම්වරුන් වන ජී. රාජේන්ද්‍රන් සහ අබ්දුල් අසීස් අලිමොහොමඩ් ඇතුළු එහි සාමාජිකයින් සහාගී වී තිබේ.
එහි දී වෙළඳපොලේ වත්මන් තත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනු ලැබ ඇති අතර ආහාර ආනයනය හා වෙළඳාම කෙරෙහි බලපාන ප්‍රධාන ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක්ද මේ සඳහා එක් වී තිබේ.



2,373










