අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න සිය ධුරයනේ ඉල්ලා අස්සවී තිබේ.
ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායකට බාරදී ඇතැයි වාර්තා වේ.
ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ සිය පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමක වීමද විශේෂත්වයකි.
මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයටද දන්වා ඇත.
2,095










