හෙල්ලෙන වැඩක් CID යෙන්

හෙල්ලෙන වැඩක් CID යෙන්

මෙරට සිදු කරන ලද දේශපාලන අපරාධ මෙන් ම, මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පසුගිය කාලයේ දැඩි ලෙස බිඳ වට්ටා තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන ප්‍රතිසංවිධානය කිරීම මේ වනවිට අරඹා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත. ඒ අතර මූලික වී තිබෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ නම යෝජනා කර තිබීම ය. එය ස්ථීර වුවහොත් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එම තනතුරට පත්වන පළමු කාන්තාව ලෙස ඉමේෂා මුතුමාල ඉතිහාස ගතවේ.

ඇය, 2007 වසරේ නොවැම්බර් 03 වෙනිදා ආධුනික පොලිස් අධිකාරිවරියක් ලෙස සේවයට එක්වී ඇති අතර 2017 වසරේ මාර්තු 23 වෙනිදා පොලිස් අධිකාරී තනතුරට උසස් වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්