සජිත් තිබෙන ටිකත් කපා ගනී – ආරම්භය හර්ෂගෙන්

සජිත් තිබෙන ටිකත් කපා ගනී – ආරම්භය හර්ෂගෙන්

සමගි ජන බල සන්ධානයේ අභ්‍යන්තර ගැටීම් මේ වනවිට එළිපිට සාකච්ඡා කෙරෙන කුමන්ත්‍රණ බවට වර්ධනය වී ඇති බව තහවුරු වේ.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන්නේ තමාව පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ය. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා සේ සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුලු පිරිසක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් කෝට්ටේ ආසනය පරාජය වීමට මූලික හේතුව හර්ෂ ද සිල්වාගේ ක්‍රියාකාරීත්වය බව පෙන්වා දී ඇතැයි මෙයට පෙර වාර්තා වී තිබිණි.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස උපරිමයෙන් ක්‍රියා කළ ද, සමස්තයක් ලෙස ආසන සංවිධායකවරු කැපවීමෙන් කටයුතු නොකළ නිසා පරාජය වූ බව මෑතක සිට ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිස ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. මේ අනුව, පරාජයේ සියළු වගකීම සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු වෙත පවරා සජිත් ප්‍රේමදාසගේ හොඳහිත දිනා ගැනීමට ඔහුගේ උපදේශකයන් ක්‍රියා කරමින් සිටින අතර සජිත් ප්‍රේමදාසට අභියෝගයක් විය හැකි බවට අනුමාන කරන සියළු දෙනා ඉදිරි මැතිවරනයේ මනාපවලින් පරාජය කිරීමට දැනටමත් සැලසුම් සකස් කර ඇත.

මේ පිළිබඳ අවබෝධයෙන් හර්ෂ ද සිල්වා අදාළ කුමන්ත්‍රණය පිළිබඳව ප්‍රකාශ කර තිබේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්