පරමාදර්ශී සතියක්..!

පරමාදර්ශී සතියක්..!

ජනාධිපතිවරණයෙන් පසුව, ගෙවී ගිය සතිය පිළිබඳව සමාලෝචනයක යෙදීමට සති අන්ත පුවත්පත් මෙන් ම, සමාජ මාධ්‍ය අවකාශයේ විශ්ලේෂකයන් ද වඩා වැඩි උනන්දුවක් දරා තිබිණි.

පසුගිය ඔක්තෝබර් 06 දින පළ කරන දිවයින ඉරිදා පුවත්පත මේ සම්බන්ධ සමාලෝචනයට සිරස්තලය යොදා තිබුණේ “පිළිගැනීම් මිස පළිගැනීම් නැති පරමාදර්ශී සතියක්..!” යනුවෙනි. බුලිත ප්‍රදීප් කුමාර සකසා තිබූ එම ලිපිය සකස් කර තිබූ අතර ගෙවී ගිය සතිය පිළිබඳව වැඩි දුරටත් සඳහන් කර තිබූ කරුණු උපුටා ගෙන පහත දැක්වේ.

“එහෙත් රට ඉල්ලන සංහිඳියාව එය බව පෙන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාවේ සැලසුම්කරුවෝ අනාගතය සැලසුම් කරමින් සිටියහ. සැලසුම් තුළ පළිගැනීම් කිසිවක් නැත. ආයතනවලින් හෝ තනතුරුවලින් පළවා හැරීම් දක්නට නොලැබිනි. යමෙක් තම තනතුර නෛතිකව අහෝසි වී යාමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් ඉවත්ව ගියා විනා වෙනදා මෙන් කිසිදු ස්ථානයක තනතුරුවලින් හෝ වගකීම්වලින් හෝ තාන්නමාන්න වරප්‍රසාදවලින් පලවාහැරීමක් කිසි තැනක දක්නට නොලැබීම විශේෂත්වයකි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්