නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් පිල ඇතැම් දිස්ත්‍රික්කවලට අලියා ලකුණින් ඉදිරිපත් වන අතර බහුතරයකට සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම පිලේ කොටසක් දැඩිව කියා තිබෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සිලින්ඩරය ලකුණ ජන මනසේ රැඳී තිබෙන බැවින් එම ලකුණින් ඉදිරිපත් විය යුතු බව ය. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ දීර්ඝ කාලයක් හුරු පුරුදු වී සිටි අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බව ය.
මෙම දෙපිරිසටම අවස්ථාව සලසා දෙමින් බහුතර දිස්ත්‍රික් සංඛ්‍යාවක් සඳහා සිලින්ඩරය ලකුණින් ඉදිරිපත්වීමටත්, නුවරඑලිය, දිගාමඩුල්ල සහ වන්නි දිස්ත්‍රික්කවලට අලියා ලකුණින් ඉදිරිපත්වීමටත් අවසන් වශයෙන් තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ඡන්ද ලකුණ තෝරා ගැනීමේ හබය පෙරට දමා බොහෝ දෙනෙකු මැතිවරණයෙන් පලායාමට තීරණය කර ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.










