පොහොර සහනාධාර මුදල් තවමත් ප්‍රමාදයි

පොහොර සහනාධාර මුදල් තවමත් ප්‍රමාදයි

රජයෙන් ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය සදහා ගොවීන්ගේ ගිණුම්වලට මුදල්, බැංකු ගත කිරීමේ ක්‍රියාවලියේ දුර්වලතාවයන් නිසා ඉදිරියේදී ආහාර හිගවිමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ලේකම් ටි.බී. සරත් මහතා ප්‍රකශ කරයි.

මෙවර මාස් කන්නයේ හෙක්ටයාර් ලක්ෂ තුනක වී වගාව ආරම්භ කර මේ වනවිට දින 40ක් ගතවී ඇතත් බොහෝ ප්‍රදේශවල ගොවීන්ට මෙතෙක් පොහොර මිලදී ගැනීමට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැංකු ගත කිරීමට රජය අපොහොසත් වී ඇති බවත් මෙවර අපේක්ෂිත අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12 වුවත් පොහොර සහනාධාරය ප්‍රමාදවීම නිසා කලට වේලාවට වගාවට පොහොර නොයෙදූ බවත් සඳහන් කරයි. එම නිසා වී ගසේ වර්ධනය දුර්වල වී ඇති බවත් එබැවින් වී කරල් බොල්වීමෙන් අපේක්ෂිත අස්වනු නොලැබීමේ අවදානමක් ඇතිවිය හැකි බව පෙන්වා දෙන ටි.බී. සරත් මහතා එළවලු, පලතුරු හා අතිරේක බෝග වගාවන්ටද මෙතෙක් රජයේ පොහොර සහනාධාරය ලැබී නොමැති බවත් ඒවායේද හිගයක් ඇතිවීම නොවැලක්විය හැකි බවත් අවධාරණය කරයි.

දැනට මෙරට ගොවින් විසින් වැඩිපුරම භාවිත කරන්නේ  වැඩි දියුණු කරන ලද වී ඇතුළු බෝග වර්ගයන් බවත් එම  බිජවලින් අඩු කාලසීමාවකදී වැඩි වර්ධනයක් හා අස්වැන්නක් ලබා දෙන බවත් ඒ සඳහා නියමිත කාලයේදී ගසේ වර්ධනයට අවශ්‍ය පොහොර මෙන්ම පෝෂ්‍ය පදාර්ථ නිශ්චිත ප්‍රතිශත යෙන් ලබා දිය යුතු වුවත් පවතින ක්‍රමවේදයේ දුර්වලතාවයන් නිසා නිශ්චිත කාලයේ පොහොර නොදීම හෝ නියමිත ප්‍රමාණයෙන් පොහොර වගාවට නොදීම නිසා අපේක්ෂිත අස්වැන්න නොලබියාමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකශ කළේය.

Facebook
Twitter
LinkedIn