විනිසුරුවරුන් රැසකට හෙට සිට අධිකරණ වෙනස් වෙයි

විනිසුරුවරුන් රැසකට හෙට සිට අධිකරණ වෙනස් වෙයි

දිවයින පුරා මහාධිකරණ, මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණ වල සේවය කළ මහාධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් 75 දෙනෙකුට 2017 වර්ෂය සඳහා ලබා දුන් සේවා ස්ථාන මාරූ වීම් අනුව එම විනිසුරුවරුන් හෙට (02) සිට නව සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

මහාධිකරණ විනිසුරුවරු 05 දෙනෙකුට හා දිසා විනිසුරුවරු 30 දෙනෙකුටද මහෙස්ත්‍රාත්වරු 29 දෙනෙකුට එලෙස සේවා ස්ථාන මාරූවීම් ලැබී ඇත.

අධිකරණ සේවා කොමිසමේ අතිරේක ලේකම්වරයා ලෙස සේවය කළ ආර්.පී.ඩී.පී.පී. රත්නායක මහතා සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ගිහාන් පිළපිටිය මහතාද ඇතුළු මහෙස්ත්‍රාත්වරුන් ලෙස සේවය කළ 12 දෙනෙකු දිසා විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලබා ස්ථාන මාරූවීම් ලැබ ඇත.

දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කොට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලැබු පස්දෙනෙකුද මහෙස්ත්‍රාත්වරුන් ලෙස අධිකරණ සේවයට සම්බන්ධ වු දසදෙනෙකුද නව පත්වීම් යටතේ සේවා ස්ථාන ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn