ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අදින් (14) දිනයෙන් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පසුගිය 03 වනදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් ගෙන්ගෙට බෙදා හැරීම ආරම්භ කෙරිණි.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 80%ක් පමණ ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් පවසයි.
තැපැල් මගින් බෙදා හැරීමේ කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට ලබන 18 දා සිට 21 දා දක්වා තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයිද ඔහු සඳහන් කරයි.
තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීම ඉතා වැදගත් යැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් අවධාරණය කරයි.










