ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ, මේ ක්‍රිකට් ගැහිල්ල බැලන්ස් කරලා දෙන්න !

ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ, මේ ක්‍රිකට් ගැහිල්ල බැලන්ස් කරලා දෙන්න !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් රුපියල් මිලියන 450කට වැඩි ප්‍රමාණයක් ඊයේ (13දා) දිනයේ දී වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර, එම ක්‍රීඩාව ගොඩ ගැනීමට සිටින අර්ජුන රණතුංග සහ එය විනාශ කිරීමට ක්‍රියා කරන තිලංග සුමතිපාල යන දෙපාර්ශ්වය සමඟ කතා කොට බැලන්ස් කිරීමේ හැකියාව පවතින බව හෙළි වේ.

සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ ක්‍රිකට් ගොඩ ගැනීම සහ විනාශ කිරීම යන දෙපිලේම පිරිස එක් වී සිටීම නිසා මෙම බැලන්ස් කිරීම සිදු කළ හැක්කේ සජිත් ප්‍රේමදාසටම පමණක් බව බොහෝ විචාරකයන්ගේ අදහස වී තිබේ. ක්‍රිකට් ආයතනයේ ගොඩනැඟිල්ල නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 75ක් පමණ වැය කොට ඇති අතර, ඉන් මිලියන 50ක්  එක් අයකුගේ සාක්කුවකට ගොස් ඇති බවට ප්‍රබල සැකයක් මතුවී තිබේ.

මේ අතර ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා පද්ධතිය අලුත් කිරීම වෙනුවෙන් ද ඊයේ
රුපියල් මිලියන 450ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ නිසාම ආයතනයේ සේවක වැටුප් ගෙවීම පවා බරපතළ ප්‍රශ්නයක් වීඇති බවට තොරතුරු හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්