තවත් ප්‍රතිඵලයක් භාර ගන්න සූදානමින් සිටින්න !

තවත් ප්‍රතිඵලයක් භාර ගන්න සූදානමින් සිටින්න !

රටේ පවතින ගැඹුරු සහ ඛේදනීය තත්වය පිළිබඳව හෙළි කෙරෙන විවිධ නිල වාර්තා අතරට දරුවන් පාසල් හැර යාම
පිළිබඳව බරපතළ සංඛ්‍යා දත්ත ද එකතු වී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දී තිබෙන්නේ දරුවන් 332,084ක් පාසල් හැර ගොස් ඇති බව ය. එමෙන්ම කුඩා පාසල් 79ක් වැසී ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දී තිබේ. රනිල් වික්‍රමසිංහ යටතේ ආර්ථිකය ගොඩ ගන්නා ලද බව ප්‍රකාශ කළද, සත්‍යය වශයෙන්ම ජන ජීවිත විවිධ අංශවලින් කඩාවැටී ඇති ආකාරය හෙළි වෙමින් තිබෙන අතර, දරුවන් පාසල් අත්හැර යාම දක්වා ඛේදනීය තත්ත්වයක් පවතී.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනුව මහාචාර්යවරයා වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ 2018 වර්ෂයේ දී 4,214, 722ක් වූ පාසල් දරුවන් සංඛ්‍යාව මේ වනවිට 3,882,668ක් දක්වා පහත වැටී ඇති බව ය. එමෙන්ම 2018දී 247,334ක් වූ ගුරු භවතුන් සංඛ්‍යාව මේ වන විට 237,787ක් දක්වා පහත වැටී ඇති බව ද හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්