ඒ ගොල්ලෝ බරටම වැඩ !

ඒ ගොල්ලෝ බරටම වැඩ !

ස්වාධීන අපේක්ෂකයකු ලෙස පෙනීසිටින රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම් උග්‍රවී ඇති බවට තව දුරටත් තහවුරු වී තිබේ.

ඊයේ (13) සවස සාගල රත්නායක, වජිර අබේවර්ධන, රවී කරුණානායක යන මූලිකයන් හදිසියේ පවතින තත්ත්වය පිළිබඳව දුරකථන මඟින් සමාලෝචනයක යෙදී ඇති බව වාර්තා‌ වේ. විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ ඇමතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් ප්‍රචාරක ව්‍යාපාරයට දක්වන දායකත්වය පිළිබඳව අවධානය යොමු කර තිබේ.

එහි දී හෙළි වී ඇත්තේ, ‘පොකට් මීටිං’ පවත්වමින්, ගමින් ගමට යන බව ප්‍රචාරක කාර්යාලයට වාර්තා කර එහෙත්, කිසිදු දේශපාලන ක්‍රියාකාරීත්වයක යෙදී නොසිටින බව ය. එම මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම අත්හැර ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්