ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමට ඉතිරිව පවතින ඉදිරි සතියක කාලය තුළ දී හොර ජනමත සමීක්ෂණ රැල්ලක් මුදා හැරීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය වේ.
මෙම ව්‍යාජ සමීක්ෂණ සියල්ලම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට එරෙහිව සැලසුම් කර තිබීම විශේෂත්වයකි. එම සමීක්ෂණ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් ඒවා බව දක්වමින් විදේශ ආයතන කිහිපයක් පවා සම්බන්ධ කර ගෙන නිර්මාණය කරමින් පවතී. මෙම වසර ආරම්භයේ සිට විවිධ ආකාරයෙන් සමීක්ෂණ කළ බවත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන බවට ස්ථීරව ම ප්‍රකාශ කළ සමීක්ෂණ ආයතන බවත් හුවා දක්වමින් දත්ත ඉදිරිපත් කිරීමට නියමිත ය.
එසේ ඉදිරිපත් කරන දත්ත ඇතැම් රූපවාහිනී නාලිකා, ඇතැම් පුවත්පත් සහ මෙතෙක් ස්වාධීන යැයි පෙන් වූ සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් ද නැවත නැවත ප්‍රචායක් ලබා දීමට සැලසුම් කර ඇත. එය සංවිධානාත්මක ප්‍රචාරක දාමයක් ලෙස අඛණ්ඩව විසිරුවා හැරීමට නියමිත ය.
මැතිවරණ කොමිසම පවා එවැනි මත විමසුම් ප්‍රචාරය කිරීම වැළැක්වීමට යම් උත්සාහයක් දරමින් සිටයද එය නිරර්ථක වී ඇති බව දැනටමත් තහවුරු වී ඇත.










