රනිල් බයවෙයි – පාර්ලිමේන්තුව වාර අවසන් කරයි?

රනිල් බයවෙයි – පාර්ලිමේන්තුව වාර අවසන් කරයි?

මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිලට අහිමි වී තිබීම පදනම් කර ගෙන වාර අවසන් කිරීමට ඉඩ ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව මුලින්ම අදහස් පල කර තිබුණේ මෙරට පලවන දමිළ මාධ්‍ය පුවත්පත්වලිනි. සති අන්තයේ තමිලන් පුවත්පතද නැවත වාරයක් ඒ අවධානය යොමු කර තිබිණි. මාධ්‍ය වාර්තා මෙන්ම දේශපාලන අංශවලද විශේෂ අවධානය යොමු වි තිබෙන්නේ මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වීම පිළිබඳවය. එය රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සෘජුව බලපාන්නක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

එසේම පාර්ලිමේන්තුව තුළ නාමල් රාජපක්ෂ වෙත මන්ත්‍රීවරු 40 දෙනෙකු සිටින බවට මාධ්‍ය වාර්තා පල වීමත් මේ වනවිට පොහොට්ටු පක්ෂයේ නිහඬව සිටින මන්ත්‍රීවරු නාමල් රාජපක්ෂට සහයෝගය දෙන්නන් බව උපකල්පනය කළහොත් රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන පරිදි ප්‍රබල තත්වයක් පාර්ලිමේන්තුව තුළ නිරූපනය නොවන බැවින් කරුණු සියල්ල සමාලෝචනය කර වාර අවසන් කිරීමේ තීරණයකට යා හැකි බව දැඩි ලෙස අනුමාන කෙරේ.

Facebook
Twitter
LinkedIn