දෙමළ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකියි – ශානක්කියන්

දෙමළ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකියි – ශානක්කියන්

ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.

දෙමළ පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවයක් නොතිබූ බවද මෙලෙස පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත්කර ඇත්තේ කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශව කිහිපයකින් යැයිද ඔහු සඳහන් කරයි.

“මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන අයෙකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයෙකුගේ උවමනාවට ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා.” යැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn