රනිල් වික්‍රමසිංහ පිල සමඟ අවසන් වරට එකතු වූ කැබිනට් ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ඉහළම මට්ටමකින් රනිල් පිලේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඇය, රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට නව නිර්මාණශීලි සැලසුම් ගණනාවක් ඉදිරිපත් කර ඇති බව ද හෙළි වන අතර ප්‍රචාරක කටයුතුවල දී රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර ගත කර ගැනීමට අදාළ යෝජනා ද ඉදිරිපත් කර තිබේ.
මේ අතර 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙදෙනා ලීක්වාන් යූ සිංගප්පූරු අගමැතිවරයා සහ මහතීර් මොහොමඩ් මැලේසියා අගමැතිවරයා සංසන්දනය කරමින් ගෙන ගිය ප්‍රචාරයට සමාන තත්වයකින් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද ප්‍රචාරයක් ආරම්භ කර තිබේ. එහි මුල් අදියර ලෙස ඊයේ (09) පැවති උත්සවයක දී ප්‍රකාශ කර තිබෙන්නේ “බංගලාදේශය රනිල් වැනි නායකයෙකු සොයනවා“ යනුවෙනි. බංගලාදේශයේ අන්තර් වාර පාලන මණ්ඩලයේ ප්‍රධානියා ලෙද නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය මුහම්මඩ් යූනුස් පත් කර සිටින අතර රනිල් වික්‍රමසිංහ ඊටත් වඩා දක්ෂයෙකු බව පවිත්‍රා ප්‍රකාශ කර ඇත.
ආචාර්ය මුහම්මඩ් යූනුස් බංගලිදේශයේ දුගී ජනතාව මුදා ගැනීම සඳහා ග්‍රාමීන් බැංකු ආරම්භ කළේය. මෙරට මහ බැංකු බැඳුම්කර මංකොල්ලයේ ප්‍රධාන චූදිතයා ලෙස රනිල් වික්‍රමසිංහ නම් කෙරී ඇති අතර ඔහු ම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙන්නේ “මම එංගලන්තයේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ නෑ. පෝස්ටුව දැමූ පුද්ගලයාට මට වඩා පළපුරුද්දක් තිබෙනවා, බැංකු කඩන එක ගැන“ යනුවෙනි.










