තුන් දෙනෙක් වෙනුවෙන් රනිල්, සජිත් ද්වන්ද සටනක්

තුන් දෙනෙක් වෙනුවෙන් රනිල්, සජිත් ද්වන්ද සටනක්

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම පිල්වලට එක් කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර තිබෙන සටන තීව්‍ර වී ඇති බව වාර්තා වේ.

මෙම සටනේ තීරණාත්මක අදියරකට එළඹෙමින් රිෂාඩ් බදුයුදීන්, රොෂාන් රණසිංහ සහ චම්පික රණවක යන මන්ත්‍රීවරු තිදෙනා තමන්ගේ පිලට එකතු කර ගැනීම සඳහා පවතින අරගලය ඉහළම මට්ටමකට ළඟා වී තිබේ. රිෂාඩ් බදුයුදීන්ගේ සහයෝගය ලබා දෙන්නේ කාටද යන්න නාම යෝජනා ලබා ගැනීමට පැය 24කට පෙර දන්වන බව ප්‍රකාශ කර ඇත.

චම්පික රණවක සහ රොෂාන් රණසිංහ යන අයගේ තීරණ 12 වෙනි දින ලබා දෙනු ඇතැයි වාර්තාවල පළ වී තිබේ.

Facebook
Twitter
LinkedIn