සජිත් විසින් සජිත්ට පහරදීම අරඹයි…

සජිත් විසින් සජිත්ට පහරදීම අරඹයි…

සමගි ජන බලවේගය වෙනස් කරමින් සමගි ජන බල සන්ධානය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමේ අත්සවයේදී සජිත් ප්‍රේමදාස ක්‍රියාකළ ආකාරය පිළිබඳව මනෝවිශ්ලේෂණාත්මක සහ සමාජ විශ්ලේෂණාත්මක නිරීක්ෂණ ගණනාවක් සිදු කර ඇති අතර ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ “සජිත් විසින් සජිත්ට පහරදීම” ආරම්භ කර ඇති බවය.

කරුණු ගණනාවක් පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසුව මෙවැනි මත පල කරමින් තිබේ. සජිත් ප්‍රේමදාස සමග ගිවිසුම්ගතවීමට වයෝවෘධ මෙන්න දේශපාලන වශයෙන් අත්දැකීම් සහිත සහ විශයානුබද්ධව පරිනතබවක් ලබා තිබුණ පිරිස් ඉදිරියේ අවම වශයෙන් හුනස්නෙන් නැගී සිටිමින් ආචාර කිරීමටවත් ඉදිරිප් නොවීම පිළිබඳව ප්‍රබල විවේචන මතු කර ඇත. විශේෂයෙන්ම ජී.එල් පීරිස්, අර්ජුන රණතුංග, රවුෆ් හකීම් මනෝගනේෂන් ආදීන් ඔවුන්ගේ ක්ෂේත්‍රවල අත්දැකීම් බහුල මෙන්ම සජිත් ප්‍රේමදාසට වඩා වයසින් මුහුකුරා ගිය අය වීම සලකා හෝ ක්‍රියා නොකළ බව පෙන්වා දී තිබේ.

ඊට අමතරව ඔහු කළ කතාවේදී “අසික්කිත පවුල්වාදය පරාජය කරනවා” යනුවෙන් පැවසීම ඔහුටම ප්‍රහාර එල්ල කර ගැනීමක් බව පෙන්වා දී ඇත. හිටපු ජනාධිපති රනසිංහ ප්‍රේමදාසගේ පුතා වීම නිසාම දේශපාලනයට පිවිසි ඔහු මෙම ප්‍රකාශය කිරීම පිළිබඳව සහ ඔහුගේ නැගෙනිය දුලංජලි ප්‍රේමදාස ව්‍යාජ මුදල් නොට්ටු සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක නොවීම, ජලනී ප්‍රේමදාසගේ රූපලාවන්‍යාගාර කටයුතු පිළිබඳ ව්‍යාපාරය වෙනුවෙන් මහජන මුදලින් නඩත්තුවන කාර්යාමණ්ඩපලය යෙදවීම වැනි කටයුතු සිදු කර තිබෙන්නේ මේ පවුල් වාදය නිසා බව විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.

Facebook
Twitter
LinkedIn