හිරුනිකාට කැපෙන හැඩ – තව දෙදෙනෙක් තරඟයට

හිරුනිකාට කැපෙන හැඩ – තව දෙදෙනෙක් තරඟයට

හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමෙන් ඇති වූ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීමට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පත් කරනු ඇති බව ඊයේ (09) දහවල් වන විට වාර්තා වී තිබුණ ද, එය දැඩි අවිනිශ්චිත තත්වයකට පත් වී ඇතැයි අලුත් ම තොරතුරුවලින් හෙළි වේ.

එම මන්ත්‍රී ධුරය සඳහා නීතිඥ උපුල් ජයසූරිය හෝ සුජීව සේනසිංහ පත් කළ යුතු බවට සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් ම යෝජනා වී ඇතැයි අනාවරණය වේ.

විශේෂයෙන් ම, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ වනවිට අධිකරණයේ ඇප මත නිදහස් කර සිටීම තර්කයක් ලෙස ගනිමින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පසුගිය කාලයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියට පැමිණ සිදු කළ දේශපාලන කටයුතු පිළිබඳව මේ වනවිට අලුත් විවේචන එල්ල වී ඇති බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn