ලබන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර රට වෙනස් කරන ආකාරය දැක ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි ප්‍රකාශ කරයි.
ගැමුණු වන්නිනායක මෙහෙයවන මතක පද යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඔහු ලෙස ප්‍රකාශ කර තිබිණි. තමන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වන බවත්, නමුත් මෙම ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම මෙරට ජනතාව අපේක්ෂා කරන අලුත් වෙනසකට මුල පිරීමක් බවත්, ඔහු අවධාරණය කර තිබේ.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ වෙත ගිය ද ඡන්දදායකයන් එසේ නොයන අතර රට වෙනස් කිරීම වෙනුවෙන් පෙළ ගැසී ඇති බව අවධාරණය කළේය.
3,738










