හොර මැතිවරණ වෙබ් අඩවියක්

හොර මැතිවරණ වෙබ් අඩවියක්

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වා ගෙන යන බව හෙළි වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මූලික විමර්ශන සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවියේ පසුබිම පිළිබඳව ද පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

මේ වනවිට හෙළි වී තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව එම ව්‍යාජ වෙබ් අඩවිය ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn