අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගෙන තිබෙන අමාත්‍ය ධුර සංඛ්‍යාව මේ වනවිට 9ක් දක්වා ඉහළ දමා ගෙන තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, සංචාරක සහ ඉඩම් අමාත්‍යංශය ද රනිල් වික්‍රමසිංහ යටතට පවරා ගෙන ඇත. ඒ සම්බන්ධ නිල ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර නොමැති ඇති අතර අවසන් වරට අධිකරණ අමාත්‍ය ධුරය අත්පත් කර ගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ යටතේ පවතින අමාත්‍යංශ පහත දැක්වේ.
1. ආරක්ෂක අමාත්‍යංශය
2. මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය
3. තාක්ෂණ අමාත්‍යංශය
4. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය
5. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
6. පරිසර අමාත්‍යංශය
7. අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යංශ
8. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
9. සංචාරක හා ඉඩම් අමාත්‍යංශය
මෙම අමාත්‍යංශ 9 අතරින් 5ක් මුල සිට ම ඔහු යටතේ තබා ගත් අතර පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිරගත වීම නිසා ද, අධිකරණ අමාත්‍ය ධුරයෙන් විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා ද පවරා ගනු ලැබීය.










