වැඩවර්ජන කරන්නේ එක එක පක්ෂවල උවමනාවටයි – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර

වැඩවර්ජන කරන්නේ එක එක පක්ෂවල උවමනාවටයි – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර

රාජ්‍ය සේවකයින් වැඩවර්ජන සිදු කරන්නේ එක එක දේශපාලන පක්ෂවල උවමනාවට යැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිණි.

එහිදී සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන්නේ,

“විශේෂයෙන්ම මේ දවස්වල තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි, ඔබතුමා අපි ඔක්කොම දන්න මේ දවස්වල උද්ඝෝෂණ වැඩවර්ජන රැලි මේ රටේ නිර්මාණය කරමින් යනවා එක එක දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන්. මැතිවරණයක් පේන තෙක් මානයක තියෙන රටක මේ විදිහට එක එක දේශපාලන පක්ෂවලට රජය විසින් උඩ ගෙඩි ලබා දීම තමයි මේ සිද්ධ වෙන්නේ.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn