ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන අත්‍යවශ්‍ය දත්ත සඟවමින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම රජයට දරා ගත නොහැකි බරක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කරන බව ඉතා හොඳින් පැහැදිලි වී තිබේ.
අද (11) දිනමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කර ඇත්තේ බන්දුල ගුණවර්ධන අත්‍යාවශ්‍ය කරුණු සඟවමින් නිර්මාණය කර තිබූ ප්‍රවෘත්තියක් ය. ඔහු ආණ්ඩු මාරු කරමින් ඇමති තනතුරු දැරූ අතර, ජනතාව මත ණය බර පටවා ඒ වෙනුවෙන් පොලී ගෙවීමට පමණක් වැය වන මහ ධනස්කන්දය පිළිබඳ දත්ත සඟවා තිබේ.
නිදසුනක් ලෙස පසුගිය 2022 වසරේ දී රජයේ සේවකයන්ගේ වැටුප් වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 1,265,277ක් ගෙවා ඇති අතර එම වසරේ පොලී ගෙවීම සඳහා පමණක් වැය කර තිබූ මුදල රුපියල් මිලියන 1,565,190ක් විය. එම වසරේ බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට 72.25%ක් වැය වූ බව දිනමිණ පුවත්පතේ දක්වා ඇතත් පොලී ගෙවීම සඳහා පමණක් වැය කළ 89.38%ක අති විශාල මුදල් නාස්තිය පිළිබඳව කරුණු සිතාමතා ම සඟවා ඇත.
බන්දුල ගුණවර්ධන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කර තිබූ දත්ත වගුව සහ පොලී වියදම මහ බැංකු වාර්තා අනුව අප සකස් කළ වගුව පහත දැක්වේ.
දිනමිණ පුවත්පතේ ඉදිරිපත් කර තිබූ වගුව

මහ බැංකු වාර්තා අනුව එම කාලයට අදාළව පොලී වියදම බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස










