ආණ්ඩුවේ ගේම විජිත සාක්ෂි සහිතව හෙළි කරයි

ආණ්ඩුවේ ගේම විජිත සාක්ෂි සහිතව හෙළි කරයි

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ විනිසුරුවරුන්ට එල්ල කළ ප්‍රහාරය මෙන් ම, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධ කරුණු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය.

ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී ඔහුට ලැබී තිබුණු විනාඩි 08ක පමණ කෙටි කාලය තුළ සාක්ෂි සහිතව හෙළි කළේ විජේදාස රාජපක්ෂගේ නඩුවක් සම්බන්ධයෙන් තීන්දුව ලබා දුන් විනිසුරුවරයාට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ බව ය. එමෙන් ම අධිකරණ සේවා කොමිෂන් සභාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද පසුබිමේ පවතින කරුණු හෙළි කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn