රනිල්ගෙන් අලුත් වැඩක් – තමන්ගේ ජෝකර් කොළය අදී

රනිල්ගෙන් අලුත් වැඩක් – තමන්ගේ ජෝකර් කොළය අදී

පසුගිය දින දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කළ රජයේ සේවකයන්ට දඬුවම් ලබාදීම සිදු කරන බව එක් පැත්තකින් ප්‍රකාශ කරමින් වර්ජනයට සහභාගී නොවූ අයට වැටුප් වර්ධකයක් සහ ප්‍රසංසා කිරීමේ සහතිකයක් ලබා දීමට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටී.

මේ සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගෙන තිබේ. මෙවැනි ම යෝජනාවක් 1980 ජූලී වර්ජකයන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ මාමා වූ ජේආර් ජයවර්ධන ද ක්‍රියාත්මක කර තිබිණි. ඉතිහාසයේ දැඩි දෝශ දර්ශනයකට ලක් වූ 1980 ජූලි වර්ජනය ඉක්මවා යාමට රනිල් වික්‍රමසිංහට නොහැකි වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

පවතින අසීමිත පීඩනය හමුවේ විවිධ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග දියත් කිරීම්වලට මග පාදනු ලැබුවේ ද රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව විසින් ම ය. තම වරප්‍රසාද අසීමිත ලෙස ඉහළ දමා ගත් අනුප්‍රාප්තික ජනාධිපති පසුගිය මාසයේදී රුපියල් 8,750කින් මෙම වසර වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන දෙවන වරටත් වෙන් කර ගත් අතර රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි විහිළු සහගත ප්‍රතිචාර දක්වමින් සිටී.

Facebook
Twitter
LinkedIn