සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ පලවා හැර වසර දෙකක් සම්පූර්ණ වූ අතර එම අරගලය කුමන්ත්‍රණයක් බව ගෝඨාභයගේ නමින් පොතක් ලියමින් චෝදනා කර තිබේ.
සාමකාමී අරගලයට විවිධ අර්ථකථන දීමට පටු අවස්ථාවාදීන් උත්සාහ කළ ද, මෙරට ඉතිහාසයේ දැවැන්ත මහජන අරගලයක් දියත්වීම පිළිබඳව ඉතිහාසයට එක්වී තිබේ. එය ජයග්‍රාහී අන්තයයකට ගෙන යාම එම අවස්ථාවේ නොහැකි වුවද දේශපාලනිකව උදාසීනව සිටි ජනතාව සක්‍රිය දේශපාලනයට පිවිසි කඩඉමක් ලෙස එම අරගලයන බොහෝ විශ්ලේෂකයන්ගේ ඇගයීමට පාත්‍ර වී තීබේ.
මේ වනවිට පාර්ලිමේන්තුව කේන්ද්‍ර ගත කර ගනිමින් බලය පවත්වා ගෙන ගිය ද පැහැදිලිව ම ජනතාවගේ මතය නියෝජනය නොවන පාලනය අවසන් කිරීම කෙරෙහි දැඩි විශ්වාසයකින් එළඹෙන ජනාධිපතිවරණය දක්වා ජන පෙළ ගැස්මක් නිර්මාණය වී පවතී.
90










