රනිල් වෙනුවෙන් වජිර රට ගිනි තියයි..!

රනිල් වෙනුවෙන් වජිර රට ගිනි තියයි..!

බලය පවත්වා ගෙන යාම සඳහා ජාතිවාදය උපයෝගී කර ගත් ජේආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ අතීත අත්දැකීම් වර්තමානයේදීත් යොදා ගැනීමට උත්සාහ කරමින් තිබෙන බව වජිර අබේවර්ධනගේ ප්‍රකාශයකින් හෙළි වේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා ඇති වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබෙන්නේ “ගුරු වර්ජනයෙන් වැඩි ම හානිය දකුණේ සිංහල දරුවන්ටයි” යනුවෙනි. මේ වනවිට ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබිය දී බලය තහවුරු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් යොදන ලද සියලු උපක්‍රම සියල්ල අසාර්ථක වීමෙන් පසුව මෙලෙස ජාතිවාදී හැඟීම් ඉස්මතු වෙන ප්‍රකාශ සිදු කිරීම ආරම්භ කර තිබේ.

වජිර අබේවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ “මේ වැඩ වර්ජනයෙන් නැති වෙන්නේ විශේෂයෙන් සිංහල ජනතාව. බලන්න උතුර, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම එහෙම නැත්නම් මඩකලපුව, නුවරඑලියේ ද්‍රවිඩ පාසල් එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ. මේවායේ අනෙක් ශ්‍රී ලාංකික ජාතීන් හොඳට ඉගෙන ගන්නවා. සිංහල ජනතාව අමාරුවේ දානවා. උදාහරණයක් හැටියට කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, රත්නපුර, අනුරාධපුර ප්‍රදේශවල සිටින විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ සහ සිංහල ජනතාව සම්පූර්ණයෙන් වනසනවා” ආදී වශයෙන් ජාතිවාදී හැඟීම් ජනිත කරවන ප්‍රකාශ සිදු කිරීමට මුල පුරා තිබේ.

විශේෂයෙන් ම, 1977 ජූලි මැතිවරණයෙන් පසුව අගෝස්තු මාසයේ දී ආණ්ඩුවේ මැරයන් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කළ අතර 1981 ජූලි සංවර්ධන සභා මැතිවරණයේ දී යාපනය පුස්තකාලය ගිනි තබා ඡන්ද මංකොල්ලයක් දියත් කරනු ලැබීමත්, 1983දී කළු ජූලිය ආණ්ඩුවේ මෙහෙයවීමෙන් දියත් කිරීමත් සිදු කර තිබෙන දේශපාලන අතීතයක් සහිත එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සභාපති මෙම ප්‍රකාශය සිදු කර තිබීම විශේෂයෙන් අවධානය යොමු විය යුතු කරුණකි.
,

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්