ලොකු ලූනු වංචාව ගැන පරීක්ෂණ නොකිරීම මටත් ප්‍රශ්නයක් – කථානායක

ලොකු ලූනු වංචාව ගැන පරීක්ෂණ නොකිරීම මටත් ප්‍රශ්නයක් – කථානායක

මහා පරිමාණයෙන් සිදුවෙන බව කියන ලොකු ලූනු ජාවාරම ගැන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වූ තොරතුරු තමන් 100%ක් අනුමත කරන බවත් මේ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොකිරීම තමාටත් ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත පවසා තිබේ.

ලොකු ලූනු පමණක් නොව අද විවිධ ආහාර භාණ්ඩ පවා වෙළෙඳ මාෆියාව තුළින් ජනතාව ගසාකන බවද ලොකු ලූනු ජාවාරම පිළිබඳව තමා පාරිභෝගික අධිකාරියෙන් විමසූ මොහොතේ ඔවුන් පැවසුවේ ඒ සඳහා ඔවුන්ට බලයක් නැතැයි කියා යැයිද කථානායක මහින්ද යාපා අබේවර්ධන වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත.

2023 වසරේ දී මෙරටට බී ලූනු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් ලබාගෙන ඇති බවට පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබිණි.

Facebook
Twitter
LinkedIn