ඊශ්‍රායලයට ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායලයට ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායලයට ඉරානය විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ සඳහා මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදාගෙන තිබෙන අතර පැය 24ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලයද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බවත් ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව “පැත්තකට වී සිටියොත් හොඳයි” යැයි ඉරානය ඇමෙරිකාවටද තර්ජනය කර තිබුණි. ඉරානයේ එම තර්ජන මැද, ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස, ඇමෙරිකන් යුද නැව් ගල්ෆ් කලාපයට යැවීමටද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.

ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළේ, මීට දින කීපයකට පෙර, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරනා කොන්සල් කාර්යාලය විනාශ වීමේ සිද්ධිය මුල් කර ගනිමිනි.

Facebook
Twitter
LinkedIn