ජීඑල්ට එරෙහිව විනය පරීක්ෂණයක්

ජීඑල්ට එරෙහිව විනය පරීක්ෂණයක්

පොහොට්ටු පක්යේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, පක්ෂයේ විධායක සභාව එම තීරණය ගත් බවය.

සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මන්ත්‍රී ජී.එල් පීරිස්ට එරෙහිව මෙසේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn