අවුරුදු වෙනුවෙන් 779කට නිදහස

අවුරුදු වෙනුවෙන් 779කට නිදහස

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු ඇතුළු රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද (13) දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදීද ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට හැකි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අදාළ ද්‍රව්‍ය රැඳවියන් වෙත ලබාදීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn