යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරයට රුසියානු ප්‍රහාරයක්

යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරයට රුසියානු ප්‍රහාරයක්

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා වෙත රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම ප්‍රහාරයෙන් ට්‍රිපිලියා විදුලි බලාගාරය මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ට්‍රිපිලියා විදුලි බලාගාරය කියෙව් නගරය ඇතුළුව යුක්රේනයේ ප්‍රධාන කලාප තුනකට විදුලිය සැපයූ බව එම සමාගම පවසයි.

රුසියානු හමුදාව සිතාමතාම උපායශීලීව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරන බවත් මෙම ප්‍රහාරයෙන් ට්‍රිපිලියා බලාගාරය මුළුමනින්ම විනාශ වී ඇති බවත් සෙන්ට්‍රෙනර්ගෝ සමාගමෙ සභාපති ඇන්ඩ්‍රි හෝටා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn