වසර මැද වනවිට තීරණාත්මක මූල්‍ය අර්බුදයක් !

වසර මැද වනවිට තීරණාත්මක මූල්‍ය අර්බුදයක් !

ආණ්ඩුව මෙම වර්ෂය සඳහා රුපියල් බිලියන 7,000ස ඉක්ම වූ ණය මුදලක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබුනද එය කිසි සේත් කරගත නොහැකිව දැඩි රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදු කරමින් පවතී.

මෙම මූල්‍ය අර්බුදයට පදනම වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් “සල්ලි අච්චු ගසමින්” රජයට ණය ලබා ගැනීමට නොහැකි වීමත් විදේශ ණය අපේක්ෂිත පරිදි ලබා ගැනීමට නොහැකි වීමත් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමෙන් පසුව, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය වැඩි වශයෙන් ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබිණි. නමුත් මේ වනවිට එය සිදු කළ නොහැකි මට්ටමකට ඇද වැටී තිබේ.

මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගැනීමෙන් පසුව දේශීය ණය ලබා ගැනීමද ආණ්ඩුවට දැඩි අභියෝගයක් වී ඇත. මෙම තත්වය මත ඉදිරියේදී රාජ්‍ය වියදම් පියවා ගැනීමට අවශ්‍ය ණය ගැනීමේ හැකියාව ඉතා අවම මට්ටමකට වැටෙනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් රහසිගත වාර්තාවක් මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දී ඇති බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn