වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහද පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.
එහිදී ඔහු සඳහන් කරන්නේ තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇති බවත් පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහද සිටිය හැකි බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “කාලානුරූපීව මේ රටේ පක්ෂවල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ එදා මොනතරම් සටන් කළාද?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.”










