ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව මත පටවා තිබෙන කොන්දේසි ඉතා හොඳින් ඉටු කරදීම වෙනුවෙන් එක්ව ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන 2016 වර්ෂයේ දී එකිනෙකාට එරෙහිව මත පළ කර තිබූ අයුරු හැන්සාඩ් වාර්තාවකින් හෙළි වේ.
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 2016 මාර්තු 08 වෙනි දින කරන ලද කතාවක් එදින හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.
“අලුතින් ම අයවැය ලේඛණයක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. අපට සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් නොකළාට ගරු අගමැති තුමා දන්නවා, අපි දන්නවා විශාල මූල්‍ය අර්බුදයකයි අපි ඉන්නේ කියලා. IMF එකේ ගිවිසුම ගැන ගරු අගමැතිතුමා එක වචනයක්වත් කිව්වේ නෑ. ඒ ගිවිසුම අනුව IMF එකෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ගන්න ඉල්ලනවා. කොන්දේසිවලට යටත් වෙලා. මොනවද කොන්දේසි, මොකක්ද මේ ගිවිසුම?“
මෙයින් තහවුරු වන්නේ එම වකවානුවේ ද මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකළ බව ය. ඊටත් වඩා බරපතළ තත්වය වන්නේ මූල්‍ය අරමුදලින් වඩාත් දරුණු කොන්දේසි ජනතාව සහ රට මත පටවා තිබියදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ කොන්දේසි විරහිතව දිනේෂ් ගුණවර්ධන අගමැති ධුරය දරමින් සියල්ල අනුමත කිරීම ය.










