සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම ජීවිත විශාල වශයෙන් කඩා වැටීම නිරූපණය කරන නිල සංඛ්‍යා දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.
අප්‍රේල් 06 වෙනි දින නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වන්නේ 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය අවසානය දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල මූර්ත ආදායම (භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට හැකි ආදායම) රුපියල් 73,000කින් බිඳ වැටී ඇති බවයි.
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ 2019දි ඒක පුද්ගල මූර්ත ආදායම රුපියල් 650,709ක් වූ බව ය. එය 2023 වර්ෂය අවසන් වනවිට රුපියල් 532,646ක් දක්වා පහත වැටී ඇති බව හෙළි කර තිබේ.
රටේ සමස්ත මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ද 2019 දී රුපියල් බිලියන 13,206ක්ව තිබී 2023 අවසන් වනවිට රුපියල් බිලියන 11,881ක් දක්වා පහත වැටී ඇති බව හෙළි කර තිබේ.
3,213









