කඩුවෙල කොරොතට ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට අද (12) අලුයම පෙට‍්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැත.
මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් යැයි පැවසේ.
එම අවස්ථාවේ ඉන්ධන හල වසා දමා තිබී ඇති අතර මාර්ගය අසළ යතුරු පැදිය නවතා අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව වැඩිදුරටත් පැවසේ.
අදාල ඉන්ධන පිරුම්හලේ හිමිකරුගේ නිවස ඉදිරිපිට දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා බිය ගැන්වීමේ සිදුවීමක්ද වාර්තා වී ඇති අතර එම සිදුවීම මේ හා සම්බන්ධයක් ඇති බව පොලිසිය සැක කරයි.
616










