පසුගිය 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදු වූ වෙඩි තැබීමට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) අධිචෝදනා භාර දී තිබේ.
ඒ, අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අටදෙනා මාතර මහාධිකරණය හමුවේ පෙනී සිටි ඇත.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනා එක් අයෙකුට රුපියල් දෙලක්ෂ පනස්දහස (රු. 250,000) බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.
58









