හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කර තිබේ.
ඒ, ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් දෙකක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඔහු මීට මාස කිහිපයකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර අද ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නැවති මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන් වී නොමැති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කළ කරුණු දක්වා අති අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
44










