අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් මහින්ද කහඳගමගේ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන අතර, 2017 ඔක්තෝබර් මස රුසියාවේ පවත්වන ලද ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා යවන ලද කණ්ඩායම නියෝජනය කළ බව සිහිපත් කළ යුතුවේ.
ඔහු, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සභාපති ලෙස හඳුන්වා ගනිමින් පිටකොටුව වෙළඳුන්ගෙන් කප්පම් එකතු කළ සමයේ නාමල් රාජපක්ෂගේ නිල් බලකාය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීය. එම සම්බන්ධතා නිසාම ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා සහභාගී වීමේ වරම මහින්ද කහඳගමගේට ලබා දී තිබිණි.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඔහු අත්තඩංගුවට ගැනීමත් සමඟ සමාජ මාධ්‍යට මුදා හැර තිබූ වීඩියෝවලින් හෙළි වෙන්නේ මෙරටින් පළා ගොස් සිටින පාතාල නායකයින් සමඟ දැඩි සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව ය. එම පාතාල නායකයන් මහින්ද කහඳගමගේට ආමන්ත්‍රණය කර තිබෙන්නේ ඩැඩා යන නාමයෙනි.



300










