මේරි ලූඩ්ස් වික්‍රමසිංහ හෙවත් ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය සිරිලිය සවිය නැමැති සංවිධානය හරහා කළ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මුලින් ම පරීක්ෂණ ආරම්භ කර තිබුණේ 2015 වර්ෂය ආරම්භයේ දී ය.
එම පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා විවිධ ව්‍යාජ ප්‍රචාර දියත් කරනු ලැබීය. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් නිකුත් කළ නිවේදනයකින් ප්‍රචාරය කර තිබුණේ සිරිලිය බැංකු ගිණුම් අත්හිටුවීමෙන් රෝගීන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි. 2015 ජූනි 01 වෙනි දින ලංකාදීප වෙබ් අඩවිය එය ප්‍රවෘත්තියක් ලෙසින් පළ කර තිබිණි.
සිරිලිය ගිණුම් අත් හිටුවීමෙන් රෝගීන් තිදෙනෙක් මැරිලා
සිරිලිය සවිය බැංකු ගිණුම් අත් හිටුවීමෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආරංචි වූ බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද කටඋත්තරයක් දෙමින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැවසූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් කියයි.
සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට සහාය වීම පිණිස රාජපක්ෂ මහත්මිය කටඋත්තරයක් ලබාදුන් බවත් මෙකී සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය පරිත්‍යාග මත කටයුතු කරන්නක් බවත් එහි කටයුතු සඳහා රජයේ මුදල් හෝ දේපල කිසිවක් භාවිතා වී නැති බවත් ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ දැනුම් දී ඇත.
රාජපක්ෂ ආණ්ඩුවේ විරුද්ධවාදීන් එල්ල කරන චෝදනා බොරු බවත් බැංකුවේ පරිගණක පද්ධතියට ශිරන්ති රාජපක්ෂ ඇතුළු සෙසු නිලධාරීන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී අතපසු වීමක් සිදුවී ඇති බවත් පෙනෙන බව එම නිවේදනයේ දැක්වේ. සිරිලිය සංවිධානය වෙනුවෙන් චෙක්පත් අත්සන් කළේ ව්‍යාජ පුද්ගලයින් නොව තවමත් එහි සේවය කරන සැබෑ පුද්ගලයින් තිදෙනෙක් බවත් එම නිවේදනයේ සඳහන්වේ.










