හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළවය.

ඔහුට විරුද්ධව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත්තේ, 2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී, හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපති පෙලෙඹවීම තුළින් අල්ලස් පනතේ `දූෂණය’ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමිනි.

Facebook
Twitter
LinkedIn