කුරුණෑගල රෝහලෙන් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

කුරුණෑගල රෝහලෙන් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තා වී තිබේ.

කොවිඩ් වසංගතය රට තුළ පැතිර යාම යතා තත්වයට පත්වී දීර්ඝ කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂත්වයකි.

එලෙස මියගිය පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති අතර ඇතිවූ සැකයක් මත සිදු කළ PCR පරීක්ෂණයකින් මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදුවන බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්