විදෙස්ගතව සිට ඊයේ (05) රාත්‍රියේ මෙරටට පැමිණි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඇයට මේ සඳහා පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළවය.
මීට අපෙර පසුගිය සැප්තැම්බර් 24 වැනිදා විමර්ශන එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබියදී ඊට සහභාගී නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
කෙසේ වෙතත්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (05) අපේක්ෂිත ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කරන ලදී.
18










