අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මග හැර ඥානසාර හිමියන් තීනියාවල ප්‍රදේශයේ ආරාණ්‍ය සේනාසයක සැඟව සිටියදී පසුගිය 03 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු අතර ඊයේ (04) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලසු අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස නියෝග කර තිබිණි.
ඒ අනුව අද දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු ලැබ තිබූ දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත නියෝග කර ඇත.
Views: 0










