රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටු පක්ෂයේ බලය ලිමිනි විජේසිංහ වෙත කේන්ද්‍ර ගත කරමින් සිටින අතර, ඔවුන්ගේ පාලන කාලය තුළ අගවිනිසුරුවරිය ඇතුළු කාන්තාවන් රැසකට දේශපාලන පළිගැනීම් දියත් කර තිබිණි.
මහින්ද රාජපක්ෂ බලයට පැමිණි වහාම චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහිව සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාර රැසක් දියත් කළේය. ඉන්පසුව, කැලෑ උසාවියකින් නඩු අසා අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක නෙරපා හරිනු ලැබීය.
ඊට අමතරව, රාජපක්ෂලාගේ මූල්‍ය අපරාධවලට හවුල් කර ගෙන සිටි ප්‍රියංකා නියෝමාලි වීරසිංහ, ජානකී සිරිවර්ධන ඇතුළු කාන්තාවන් රැසක් නීතිය හමුවේ චූදිතයින් වී සිටිති. නාමල් රාජපක්ෂලාගේ නිල් බලකාය සහ තාරුණ්‍යයට හෙටක් වැනි සංවිධානවලට එකතු කර ගෙන සිටි තරුණියන් රැසක් පීඩාවට පත් කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
Views: 12









